කාබුල් බෝම්බයට 95 දෙනෙක් බිලි



ඇෆ්ගනිස්තායේ කාබුල් අගනුවර කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 95 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට වැඩිය.

බෝම්බය පුපුරා ගියේ කාබුල් පොලිස් ස්ථානය ඉදිරිපිටය. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇෆ්ගන් සෞඛ්‍ය අමත්‍යාංශ ප්‍රකාශක වහිදුල්ලා මායර් කළ ප්‍රකාශයක සඳහන් වෙයි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි එහි වගකීම බාර ගනිමින් තලේබාන් ත්‍රස්ත සංවිධානය පවසා තිබේ. බෝම්බ පිපිරීම සිදුවූයේ ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් උදෑසන 9 ට පමණය.

කාබුල්හිදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS