කාබුල් අගනුවර බෝම්බයක් පිපිරී 20 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ ඉදිරියේ පැවැතිවීමට නියමිත මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ මැතිවරණ කාර්යාලයකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වීමෙන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 13 කි.
ප්රහාරය එල්ල වූයේ උප ජනපති ධුරය වෙනුවෙන් තරග වැදීමට සූදානම් වන අමුර්ලා සාලේගේ පක්ෂ කාර්යාලයටය. බෝම්බ ප්රහාරයෙන් සාලේ තුවාල ලැබූ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ.
සුබ මොහොතින් අමුර්ලා සාලේ සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත විය. මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල වූයේ එම අවස්ථාවේදීය.
කාබුල්හිදීය (රොයිටර්ස්)

