කාංසා රුගෙන යෑමට උත්සහ කල කුවේට් ජාතිකයා අල්ලයි



කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී  කාංසා රුගෙන යෑමට උත්සහ කල කුවේට් ජාතිකයක ගුවන් මගියෙකු  අල්ලා ගැනීමට රේගු නිළධාරීන් සමත්වී තිබෙනවා . 

යුරෝපයේ සිට කුවේට් දක්වා පැමිණි මගියෙකු ගැන සැක සිති රේගු නිළධාරීන් විසින් පරීක්ෂා කල අවස්ථාවේදි මෙහු ලග තිබී මෙම කංසා තොගය අල්ලා ගැනීමට හැකිවී තිබෙනවා. 

මෙම කංසා චොකලට් පැකට්, තේ බැග් සහ ශක්තිජනක පානයන් වල ඇසුරුම් වල අසුරා තිබී ඇති අතර කංසා වලින් සාදන ලද තෙල් ද සොයාගෙන ඇත.

ගුවන් මගියන්  පරීක්ෂා කිරීම මෙහෙයවා ඇත්තේ  ඉසා බින් ඉසා ප්‍රමුඛ රේගු පරීක්ෂකවරුන් විසින්ය. 

මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් රේගු නිළධාරීන් විසින් සිදුකරනු ලැබෙන අතර ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සදහා මෙම පුද්ගලයාව රදවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS