කහ ජැකට් විරෝධතා දිගටම

ඉහළ යන ජීවන වියදම සහ ඉන්ධන බද්ධට විරෝධය ක්වමින් ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට එරෙහිව ආරම්භ වුණු විරෝධතා දිගටම පැවැත්වෙන බව ප්රංශ පුවත් සේවා වාර්තා කරයි.
විරෝධතා පවත්වන්නේ ‘කහ පැහැති ජැකට්’වලින් සැරැසුණු විරෝධතාකරුවන්ට. එහෙයින් විරෝධතා හැඳින්වෙන්නේ ‘කහ ජැකට්’ විරෝධතා යනුවෙනි.
පසුගිය දින කිහිපයේ විරෝධතා උත්සන්න වූ අතර පැරිස් අනුවර යුද පිටියක් බවට පත්විය. ඒ, කලහකාරී විරෝධතාකරුවන් දේපොල හානි සිදු කරමින් මෝටර් රථ ගිනිබවත් කිරීමත් සමඟය.
එම විරෝධතා හමුවේ, ඉන්ධන බද්ධ හකුළා ගැනීමට ප්රංශ ජනාධිපතිවරයාට සිදුවිය. කෙසේ නමුත් එයින් විරෝධතා අවසන් වූයේ නැත.
විරෝධතා රැලිවලට කැරැලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේය. පැරිස් අගනුවර පැවැති එම විරෝධතාවට එක් වුණු පිරිස 2,000 කට ආසන්න යැයි පැවැසෙයි. එහිදී 126 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

