කල්ලි නායකයාට මරණ දඩුවම

1995 වසරේදී, ජපානයේ ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානයේ විස වායු ප්රහාරයක් එල්ල කළැයි චෝදනා ලැබ වරදකරු වූ මරණ දඬුවම නියම වී සිටි, ආගමික කල්ලි නායක අයුම් ෂින්රීකෝගේ මරණ දඬුවම ක්රියාත්මක කිරීමට ජපාන රජය කටයුතු කළේය.
ආගමික කල්ලි නායක අයුම් ෂින්රීකෝ පමණක් නොව, ඔහු සමඟ අත්අඩංගුවට ගනු ලැබ වරදකරුවන් වුණු ඔහුගේ අනුගාමිකයන් සය දෙනකුගේ ද මරණ දඬුවම ක්රියාත්මක කෙරුණි.
1995 වසරේ දී, අයුම් ෂින්රීකෝ සහ ඔහුගේ ආගමික කල්ලිය ටෝකියෝ නුවර දුම්රිය ස්ථානයට එල්ල කළ සෙරීන් විස වායු ප්රහාරයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. රෝහල් ගත කළ ගණන දහසකි.
(රොයිටර්)

