කරුණාකරලා එන්නත ලබා ගන්න



සිංගප්පූරු වැසියන්ට ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අද (8) ආරම්භ වුණ අතර පළමුවෙන් එන්නත ලබා ගත්තේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය සියැං ලූන් ය.

68 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගන්නා අයුරු සිංගප්පූරු රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. එන්නත ලබා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ලූන් කියා සිංගප්පූරු වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. ‘කරුණාකරලා. හැමෝම එන්නත ලබා ගන්න. වයිරස ව්‍යාප්තිය අවසන් කරන්න හැමෝම එකමුතු වෙන්න’ යැයි හෙතෙම ඉල්ලා සිටියේය.

සිංගප්පූරු වැසියන්ට ලබා දීම සිදුවන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිර්මාණය කළ එන්නතය. ඒ, හදිසි අවස්ථාවක් සේ සලකා එන්නත ලබා දීමට සිංගප්පූරු රජය අනුමැතිය දී ඇති බැවිනි.

සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS