කමලා පරාජය පිළිගනී
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
පරාජයෙන් පසු, වොෂින්ටන් අගනුවර හාවඩ් විශ්ව විද්යාල භූමියේ සිය ඩිමොක්රටික් පක්ෂ ආධාරකරුවන් ඉදිරියේ පෙනී සිටිමින්, ඇය ජාතිය ඇමැතුවාය. ට්රම්ප්ගේ ජයග්රහණය සම්බන්ධයෙන් නොසතුටට පළ කළ හැරිස්, අවධාරණය කළේ සාමකාමී අයුරින් ට්රම්ප් සමඟ සුහඳ බල හුවමාරුවකට තමන් කැමැති බවය.
ජනාධිපතිවරණයේ ප්රතිඵල තමන් පිළිගන්නා නමුත්, ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සහ ඇමෙරිකවේ නීති පද්ධතිය වෙනුවෙන් දිගටම සටන් වදින බව ද හැරිස් අවධාරණය කළාය.
මැතිවරණ රැළිවලදී හැරිස්, ඩොනල්ඩ් ට්රම්ප් විවේචනය කරමින් පැවැසුවේ, ට්රම්ප් යළි ඇමෙරිකාවේ ජනාධිපති වුවහොත්, රටේ ප්රජාතන්ත්රවාදය අනතුරට පත්වනු ඇති බවය.
60 හැවිරිදි හැරිස්, ජනපති සටනට එක් වූයේ, ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වුණු බැවිනි. බයිඩන් එසේ කළේ, ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.
මෙවර ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වූ එක් ජනපදයක් වන්නේ මිචිගන්ය. මිචිගන් ජනපදයේ බලය කමලා හැරිස්ට අහිමි වීමට එක් හේතුවක් වූයේ එම ජනපදයේ මුස්ලිම් ප්රජාව, කමලා ප්රතික්ෂේප කළ බැවිනි.
ඊශ්රායලය ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන අපරාධ නවත්වන්නැයි මිචිගන් මුස්ලිම් වැසියන් පසුගිය කාලයේ දිගින් දිගටම කමලා හැරිස්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් කමලා හැරිස් ඊට කන් නොදුන් බැවින්, තමන් මෙවර ජනාධිපතිවරණයේදී කමලාට ඡන්දය නොදුන් බව මිචිගන් මුස්ලිම් ප්රජාව පවසයි.