කතා නායිකා පෙලෝසිට ට්‍රම්ප්ගෙන් දීර්ඝ ලිපියක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පිටු හයකින් යුත් දීර්ඝ ලිපියක්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසියට යොමු කර ඇතැයි වාර්තා වේ.

එම ලිපිය හරහා, ට්‍රම්ප් ඔහුට එරෙහිව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන දෝෂාභියෝගය සම්බන්ධයෙන් කතා නායිකා පොලෝසිට දොස් පවරා ඇතැයි පැවැසෙයි.

තමන් නිර්දෝශී බවත්, එල්ල වන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේදීය. එදා සිට මේ දක්වා ට්‍රම්ප් ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ කෙණෙහිලිකම්වලට ලක් විය.

ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයට රුසියාවෙන් සහාය හිමිවුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විණි. එය අවසන් වූයේ ට්‍රම්ප්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරමිණි. කෙසේ නමුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්නේ, ඔහු පෞද්ගලික වාසි අපේක්ෂාවෙන්, විදෙස් රාජ්‍ය නයකයකුට බලපෑම් කිරීම සහ උදවු ඉල්ලා සිටීම සම්බන්ධයෙනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS