කතක් එක්ක තරග කළේ පිරිමියෙක්
ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං ඉසව්ව සඳහා ජීව විද්‍යාත්මකව පිරිමියකු බව තහවුරුවී තිබෙන ක්‍රීඩිකාවක් වන ඇල්ජීරියාවේ ඉමානේ කෙලීෆ් සහාභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබේ.
ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් සහ ඉතාලියේ ඇන්ජෙලා කරීනී අතර පසුගිය දා පැවැති අවසන් 16 දෙනාගේ වටයේ කාන්තා බොක්සිං ක්‍රීඩා තරඟයේදී ඉමානේගෙන් එල්ල වන පහරවල් දරා ගත නොහැකි බව පවසා කරීනි තත්පර 46 කදී ඇඬු කඳුලින් තරඟය අත්හැර දැමුවාය.
තමන් සියල්ල දරාගත හැකි කාන්තාවක් ලෙස නමක් දිනාගෙන සිටියත් ඉමානේ එල්ල කළ ප්රහාරයන් දරා ගත නොහැකි වූ බවත් නහයට එල්ල වූ ප්‍රහාරයෙන් දරාගත නොහැකි වේදනාවක් ඇති වූ බවත් ඇන්ජෙලා කරීනී තරඟයෙන් ඉවත් වෙමින් පැවැසුවාය. ඒ හේතුවෙන් තමාගේ සෞඛ්‍ය තත්වය ගැන සිතා තරඟයෙන් ඉවත් වූ බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.
ඇන්ජෙලා කරීනීගේ මෙම ප්‍රකාශයත් සමඟ උපතින් ගැහැණියක් වුවත් ජීව විද්‍යාත්මකව පිරිමියකු බව තහවුරු වී ඇති ඉමානේ කලීෆ් ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං ඉසව්ව සඳහා සහභාගී වීම පිළිබඳව විශාල කතා බහක් ඇතිවූ අතර ඇයට විවේචන රාශියක් එල්ල විය.
ඉමානේ කලීෆ්ට එක්ස් සහ වයි වර්ණදේහ තිබෙන බව ජාන පරීක්ෂාවකින් ඔප්පු වී තිබෙන බැවින් ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙක් බවත් ඇයට කාන්තා බොක්සිං තරඟයකට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බවත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් තර්ක කළේය. එලෙස තර්ක කළ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ප්‍රසිද්ධ ලේඛිකාවක් වන ජේ.කේ රෝලින්ග්ද සිටි අතර ඉමානේ කලීෆ්ට ජීව විද්‍යාත්මක පිරිමියෙක් බව තහවුරු වී ඇති බැවින් කාන්තා බොක්සිං තරඟයකට සහභාගී වීමට අවස්ථාව ලබා දීම සාධාරණ නොවන බව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇය පැවැසුවාය. පිරිමියෙක් විසින් ඇන්ජෙලා කරීනීගේ සිහින බිඳ දැමූ බව ජේ.කේ රෝලින්ග් තැබූ එම සටහනේ දැක්විණ.
ඉමානේ කලීෆ්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමද ඉහල බැවින් 2023 වසරේ පැවැති ලෝක ශූරතා බොක්සිං ක්‍රීඩා තරඟාවලියට තරඟ වැදීමට අවස්ථාව නොලැබුණු බවත් එවැනි ක්‍රීඩිකාවකට ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වීමට අවස්ථාව ලබා දීම යෝග්‍ය නොවන බවත් තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් තර්ක කළේය.
මෙලෙස විවේචන රැසක් ඉමානේට එල්ල වෙද්දී ඇය වෙනුවෙන් පෙනී සිටි විශාල පිරිසක්ද සිටි අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉමානේගේ ශරීරයේ පිරිමියෙකු ශරීරයේ තිබෙන එක්ස් සහ වයි වර්ණදේහ තිබුණත් ඇය කාන්තාවක් ලෙස උපත ලබා ඇති බවයි.
ඒ හේතුවෙන් ඇයට කාන්තාවක් ලෙස බොක්සිං ක්‍රීඩාවේ නිරත වීමට අයිතියක් තිබෙන බවත් කාන්තවක් ලෙස උපත ලද ඉමානේට පිරිමියෙක් යැයි පැවැසීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් ඉමානේ වෙනුවෙන් පෙනී සිටි පිරිස පෙන්වා දුන්හ. කිසිමවිටකත් ඇය සිය ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගැනීමේ ශල්‍ය කර්මයකට බඳුන් වී නොමැති බවත් ඒ හේතුවෙන් ඇය කාන්තාවක් බවත් ඔවූහු ප්‍රකාශ කළහ.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ කාන්තා බොක්සිං ඉසව්ව සඳහා සහභාගී වීමට ඉමානිට සුදුසුකම් තිබෙන බවත් ඇයගේ ගුවන් ගමන් බලපත්රයේද ඉමානේ කාන්තවක් බව සඳහන් වන බවත්ය.
එසේම මුලදී ඉමානේට විවේචන එල්ල කළ ඇතැම් පිරිස පසුව ඒ පිළිබඳ සමාව ඉල්ලීමටද කටයුතු කර තිබූ අතර ඇය මීළඟ තරඟයට මුහුණ දීමට නියමිතය.