කටාර් ශ්‍රමිකයන්ට වැටුප් බැංකු ක්‍රමය හරහා



කටාරයේ වැටුප් ලබන මිලියන 1.8ක් වන ශ්‍රම බලකායට දැන් බැංකු පැවරීම්/හුවමාරු ක්‍රමය යටතේ ඔවුන්ගේ ගෙවීම් හා වැටුප් ලැබීමට හැකියාව ඇතැයි එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. 
මෙම ක්‍රමය ක්‍රියාත්මක වනුයේ කටාර් රාජ්‍යය විසින් හඳුන්වා දෙනු ලැබූ වැටුප් ආරක්ෂණ පද්ධතියට සමගාමීවය. එරට සම්පූර්ණ ශ්‍රම බලකාය මිලියන 2.1ක් යැයි ද පැවසේ. 
නව ක්‍රමවේදය ( වැටුප් ආරක්ෂණ පද්ධතිය) යටතේ එරට සමාගම් 37,916ක් ලියාපදිංචි වී ඇතැයි ඔක්තෝබර් මාසයේ නිකුත් වාර්තා සඳහන් කළේය. ඉතිරි සමාගම් සියල්ල තුළ සිටින ශ්‍රමිකයන් කටාරයේ සම්පූර්ණ ශ්‍රම බලකායෙන් සියයට 15ක් නියෝජනය කරන අතර ඔවුන්ට ද වැටුප් ආරක්ෂණ පද්ධතියට සම්බන්ධ වන්නැයි ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් දැනටමත් සපයමින් සිටින බව ද කටාරයේ පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. 
ලියාපදිංචි නොවූ හා මේ ක්‍රමවේදයට හසුවන නොවන සේවකයන් සොයා බැලීම සඳහා මේ වනවිටත් රජයේ කම්කරු පරීක්ෂකයන් කටයුතු කරමින් සිටින බවත් ඔවුන් ඉදිරියේදී වැටුප් ආරක්ෂණ පද්ධතිය ලියාපදිංචි නොවූ සමාගම් ද පරීක්ෂාවට ලක් කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. 
නව ක්‍රමවේදය නොවැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර සියලුම ශ්‍රමිකයන්ට බැංකු ගිණුම් විවෘත කරන්නැයිද කටාර් පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි. ඒ අනුව වැටුප් ගෙවීම ආදිය විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනු ඇත. 
 
ගල්ෆ් ටයිම්ස් ඇසුරිනි

RECOMMEND POSTS