කටාර් වැසි සමය ඔක්තෝබර් 16දා ඇරඹේ.

කටාර් වැසි සමය මෙම ඔක්තෝබර් මස 16 දා ඇරඹී දවස් 52ක් පවතින බව කටාර් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් පවසයි. එහෙත් ඊට පෙර වැසි ස්වල්පයක් ඇතිවීමටද ඉඩ තිබේ.
එම කාලය තුළදී දෝහා හි උපරිම උෂ්ණත්වය ක්‍රමයෙන් පහත වැටෙනු ඇත. දිවා කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 - 35 අතර පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර රාත්‍රි කාලයේ දී එය ඊට වඩා බෙහෙවින් අඩුවනු ඇත.
මේ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විවිධ බලධාරින්ට දැනුම් දී ඇත.
මේ අතර ඇතැම් ප්‍රදේශවල අවම උෂ්ණත්වය මේ වනවිටත් සෙල්සියස් අංශක 20ටත් වඩා පහළ බැස ඇතැයි වාර්තා වෙයි. මෙසායීඩ්, තුරෙයිනා සහ අබු සම්රා යන ප්‍රෙද්ශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 දක්වා පහත බැස ඇත.

