කටාර් රාජ්‍යයේ නව වීසා ක්‍රමයක්



කටාර් රාජ්‍යයට විදෙස් සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමේ හා සංචාරකයින්ට හිතකර රටක් වශයෙන් ස්ථාපිත කිරීමේ  අරමුණෙන් මෙම නව වීසා නිකුත් කිරීම සිදු කෙරේ. මෙමගින් එරට දෝහා අගනුවර හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වෙනත් ගමනාන්තයක් කරා යන ගුවන් මගීන් වෙනුවෙන් මෙම වරප්‍රසාදය හිමිවේ.

මෙම අතර මැදි වීසා නිකුත් කිරීම කටාර් අභ්‍යන්තර අමාත්‍යාංශය හරහා සිදුකෙරෙන අතර  ලොව පුරා පිහිටි ඕනෑම කටාර් ගුවන් සේවා ශාඛා කාර්යාලයකින් හෝ එම ගුවන් සේවයේ නිල ඩෙබ් අඩවිය ඔස්සේ නොමිලේ ලබා දෙන එම අතර මැදි වීසා බලපත්‍රය සදහා අයදුම් කළ හැක.

වර්තමානයේ වැඩි විදෙස් ආකර්ෂණය හිමි ගුවන් ගමනාන්තයක් ලෙස දෝහා අගනුවර සැලකෙන අතර මෙම නව වීසා ක්‍රමවේදය එරට සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගනු අැතැයි කටාර් ගුවන් සේවා සමූහයේ ප්‍රධාන විධායක අක්බර් අල් බාකර් සදහන් කර සිටී.

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.....

 


RECOMMEND POSTS