කටාර් පොදු සමා කාලයේදී දහසකට වඩා රටින් පිටවෙලා

කටාර් රාජ්‍යයේ නීති විරෝධී අයුරින් රැඳී සිටින විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටවීමට ලබා දුන් මාස 3 ක පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් මේවන විට පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් එරටින් පිටව ගොස් ඇතැයි කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සති හය තුළ කටාරයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 450 දෙනෙකු එරටින් පිටව ගිය බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් පත පවසයි.
ඉකුත් සැප්තැම්බර් මස පළමු වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි පොදු සමා කාලය ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ගතවූ සති හය තුළදී පමණක් මෙම පිරිස එරටින් පිටව ගොස් ඇති අතර ඒ අතිර්න බහුතරයක් දෙනා බංග්ලාදේශ ජාතියින් ,නේපාල ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් වන බව කටාර් හි කම්කරු දෙපාර්තමේන්තුවේ පළමු ලේකම් මොහොමඩ් රබියුල් ඉස්ලාම් සදහන් කර ඇත.
මෙම පොදු සමා කාලය දෙසැම්බර් මස පළමු වෙනිදා දක්වා වලංගු වේ. රැකියා සඳහා ගොස් වීසා කාලය ඉක්මවා එය දීර්ඝ නොකර නීතිවිරෝධී අන්දමින් රැදී සිටින අයට මෙම පොදු සමා කාලය තුළ නැවත සිය මව්රටවලට පැමිණිය හැකිය.මෙම පොදු කාලසීමාව තුළ සිය මව්රටවලට පිටවීමට කිසිඳු දඩ මුදලක් හෝ නීතිමය දඩුවමකින් තොරව හැකියාව ඇති බවල කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය දන්වා ඇත. මෙය කටාර් රජය විසින් තුන්වන වරට ක්‍රියාත්මක කරන ලද සහන කාලයයි.
දැනට නීතිවිරෝධීව රැඳී සිටින බංග්ලාදේශ ශ්‍රමිකයින්ට 700ක් ,නේපාල ජාතිකයින් 229 ක් යළි ඔවුන්ගේ රටට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම කීය.
(තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.....

