කටාර් ගුවන් සමාගම සෞදියට පිටුපායි

සෞදි අරාබියට පියාසර කිරීමට නියමිතව තිබු සියළුම ගුවන් ගමන් නතර කර දැමු බව කටාර් ගුවන් සමාගමට අයත් නිල වෙබ් අඩවියේ පළ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
කටාර් රාජ්ය ත්රස්තවාදයට සහ මුස්ලිම් සහෝදරත්ව දේශපාලන කණ්ඩායමට සහය දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එම්රේට්ස් සහ බහරේනරාජ්යයන් සඳුදා සිට සිය රටට එරෙහිව පනවා ඇති රාජ්යතාන්ත්රික ක්රියාමාර්ගයන්ට එරෙහිව සෞදි අරාබියට පියාසර කිරීමට නියමිතව තිබු සියළුම ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කල බව කටාර් ගුවන් සමාගම ප්රකාශ කළේය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

