කටාරයේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවි වාරණය කරලා

කටාර් රාජ්‍යයේ, ඉංග්‍රීසි බසින් පළ වන ජනප්‍රිය පුවත් වෙබ් අඩවි කිහිපයක් එරට රජය විසින් වාරණය (බ්ලොක් කිරීමට) කළ බව ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
ඒ අතර කටාර්වැසියන්ගේ පමණක් නොව, ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගත් ‘දෝහා නිවුස්’ පුවත් වෙබ් අඩවිය ඇත. ‘දෝහා නිවුස්’ වෙබ් අඩවිය පැය 24 ක් පුරාවට වාරණය කිරීමට කටාර් බලධාරීන් පියවර ගෙන ඇත. එම පුවත් වෙබ් අඩවි පවසා ඇත්තේ කටාර් රාජ්‍යයේ මාධ්‍ය නිදහසට මෙය බාධාවක් කියාය. දෝහා නිවුස් පුවත් සේවය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ද පළ කර ඇත.
(ප්‍රෙස් ටීවී)

