ඕස්ටේ‍්‍රලියා චීන අර්බුදය උත්සන්න වන ලකුණු



චීනයත්  ඕස්ටේ‍්‍රලියාවත් අතර හටගත් අර්බුදය රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක් දක්වා දුරදිග යනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

දෙරට අතර අර්බුදයට හේතුව වූයේ ද ‘කොවිඞ් 19’ වයිරයයි. ඇමෙරිකාව සේම,  ඕස්ටේ‍්‍රලියාව ද චීනයට චෝදනා කරන්නේ වයිරසය චීනයේ වූහාන් නුවරදී කෘති‍්‍රමව නිපදවන්න ඇති බවත්, එය හිතාමතා හෝ අත්වැරැුදීමකින් සමාජයට මුදා හැරුණු බවත්ය.

‘කොවිඞ් 19’ වයිරසයේ බිහිසුණු ස්වරූපය චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, ලොවටත් වසං කළේ යැයි ද  ඕස්ටේ‍්‍රලියා රජය චෝදනා කරයි. ඒ, එරට බුද්ධි අංශ වාර්තා අනුවය.

ඕස්ටේ‍්‍රලියාවෙන් චීනයට මෙසේ චෝදනා එල්ල වෙද්දී,  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන චීන සිසු සිසුවියන්ට, චීන රජය දන්වා ඇත්තේ සැමවිමට කල්පනාවෙන් පසුවන ලෙසය. ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවිය හැකි යැයි ද චීන රජය පවසා ඇත.

චීන සිසුන් සියයට 28 ක පිරිසක්  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබති. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ  ඕස්ටේ‍්‍රලියාව එරටට චීන වැසියන් ගෙන්වා ගැනීම නැවැත්වීය. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් සෞඛ්‍ය නීතී අනුවය. කෙසේ නමුත් චීනය චෝදනා කරන්නේ  ඕස්ටේ‍්‍රලියාව හිතාමතා එරටට පැමිණෙන සහ එරට සිටින චීන ජාතිකයන් කොන් කිරීමක් කරන බවය.

චීන රජය පමණක් නොව, එරට සංචාරක අමත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමත්‍යාංශය සහ අධ්‍යාපන කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන තම සිසුන් සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවය.

මෙල්බර්න්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS