ඕස්ටේ‍්‍රලියා ගිය කැනඩා ගුවන් යානයකට අකරතැබ්බක්



ඕස්ටේ‍්‍රලියාව බලා පියාසර කරන්න වූ කැනඩා මගී ගුවන් යානයක් උඩු ගුවනේදී වායු කැලඹීමකට මැදි වුණු බවත්, යානය ගැස්සී පැද්දී දෙදරා යෑමෙන් එහි සිටි 35 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

යානය වායු කැලඹීමට (ටර්බියුලන්ස්) මැදිවූයේ අනපේක්ෂිත මොහොතකය. නියමුවන්ට වායු කැලඹීම ගැන කල් තියා මගීන්ට අනතුරු ඇඟවීමට අවස්ථාවක් නොලැබුණි. එහෙයින් ආසන පටි පැළඳ නොසිටි ඇතැම් මගීහු විසිවී ගොස් ගුවන් යානයේ වහලේ හැපුණු බව ද පැවැසෙයි. යානය මෙම වායු කැලඹීමට මැදිවූයේ අඩි 36,0000 ක් ඉහළ අහසේදීය. ඒ වනවිට යානය හවායි ¥පත් රාජ්‍යයට කිලෝ මීටර් 966 ක් දුරින් පියාසර කරමින් තිබුණු බව පැවැසෙයි.

‘එයාර් කැනඩා’ ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය මගීන් 269 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනකු ද සමඟ වැන්කුවර් නුවර සිට සිඞ්නි නුවර තෙක් පියාසර කරද්දී මෙම අකරතැබ්බට ලක් විය. එයාර් කැනඩා ගුවන් සේවයේ ප‍්‍රකාශිකා ඇන්ග්ලියා මාහ් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ මගීන් 35 දෙනකු සුළු තුවාල ලැබූ බවත් ඔවුන්ට කඩිනමින් ප‍්‍රතිකාර ලබා දුන් බවත්ය.

වායු කැලඹීමට හසුවී, මගීන් තුවාල ලැබීම හේතුවෙන් යානය  ඕස්ටේ‍්‍රලියා බලා නොගොස් ඇමෙරිකාවට අයත් හවායි ¥පත් හි හොනලූලූ ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් කිරීමට නියමුවෝ කටයුතු කළහ. ඒ, ඇමෙරිකන් ගුවන් පාලන අධිකාරියේ සහාය ලැබීම හේතුවෙනි. තුවාල ලැබූ මගීන්ට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ද, සියලූම මගීන්ට ආහාර පාන ද ලබා දීමෙන් පසු  ඕස්ටේ‍්‍රලියාව බලා යළි ගමන් ආරම්භ කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

හොනලූලූහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS