ඕස්ටේ‍්‍රලියා අගමැති බකිංහැම් මාලිගයේ



ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ අගමැති ස්කොට් මොරිසන් සහ බිරිඳ ජෙනී, බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබත් මහ රැජින හමුවූහ.

රැජින හමුවී අතට අත දී ආචාර කරමින්,  ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා ඇයට තුරඟ තරග සහ තරගවලින් විශ‍්‍රාම ගිය වින්ක්ස් නමැති අශ්වයා සම්බන්ධයෙන් ඇන්ඩෘ රූල් නමැති  ඕස්ටේ‍්‍රලියා ලේඛකයා ලියූ පොතක් ද තිළිණ කළේය.

රැජින හමුවී අතට අත දෙද්දී, අගමැති මොරිසන් මදක් නොසන්සුන් වූ නමුත් අගමැති බිරිඳ ජෙනී මහත් ගෞවරයෙන් පහත් වී අතට අත දීම විදෙස් මාධ්‍යවේදීන්ගේ අවදානයට ලක්විය. අගමැති බිරිඳ ජෙනී හෙදියකි.
 ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා බි‍්‍රතාන්‍යයට පැමිණියේ, දෙවැනි ලෝක යුද සැමරුම වෙනුවෙනි. සැමරුම් උළෙලට සමගාමී, අගමැති මොරිසන් ජර්මන්, කැනඩා සහ ප‍්‍රංශ නායකයන් පමණක් නොව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී සාකච්ඡුා පැවැත්වූහ.

අගමැති මොරිසන් ලන්ඩනය බලා පැමිණියේ සොලමන් දූපත් හරහාය. ගුවන් ගමනට පැය 26 ක් ගත විය. ලන්ඩනයට පැමිණි සැණින්, අගමැති මොරිසන්, චාල්ස් කුමරුන් සමඟ තේ පැන් සංග‍්‍රහයකට එක්විය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS