ඕස්ටේ‍්‍රලියා අගමැතිට බිත්තර ප‍්‍රහාරයක්



ඕස්ටේ‍්‍රලියාවේ ඇල්බරි නුවර, කාන්තා සන්සදයේ විශේෂ උත්සවයකට සහභාගී වී සිටිද්දී,  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ට බිත්තර ප‍්‍රහාරයක් එල්ල විය.

බිත්තරය අගමැතිවරයාගේ හිසේ ගැවී ගොස් අසල සිටි මහලූ කාන්තාවකගේ සිරුරේ වැදුණි. අගමැතිවරයාගේ පසුපස සිට එම බිත්තරය එල්ල කළේ 25 හැවිරිදි කාන්තාවකි.

අගමැති ආරක්ෂක නිලධාරීහු වහා කඩා පැන එම තරුණිය මෙල්ල කර ගත්හ. පසුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුණු බව වාර්තා විය.. අගමැතිවරයා තමන්ට එල්ල වුණු එම බිත්තර ප‍්‍රහාරය සම්බන්ධයෙන් කියා සිටියේ, එය ‘ඉතා නින්දිත’ කි‍්‍රයාවක් කියාය. 

ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණය ලබන 18 වැනිදා පැවැත්වෙයි. අගමැති මොරිසන් ප‍්‍රමුඛ ලිබරල් පක්ෂය මේ වනවිට මැතිවරණ රැළිවල නියැළෙමින් සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS