ඕෂන්ගේට් මෙහෙයුම් නවතී
‘ඕෂන් ගේට්’ ඇමෙරිකන් සමාගම, ඔවුන්ගේ සියලු සාගර ගවේෂණ මෙහෙයුම් සහ සංචාරකයන් මුහුදු පතුළට රැගෙන යෑමේ වාණිජ මෙහෙයුම් නවතා දමා තිබේ.
ඒ, පසුගිය ජූනි 18 වැනිදා, ‘ඕෂන් ගේට්’ සමාගමට අයත් ‘ටයිටන්’ නමැති කුඩා සම්බැරීන අනතුරින් පසුවය.
මේ වනවිට ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ද පැවැත්වෙයි. එම විමර්ශණය පැවැත්වෙන්නේ ඇමෙරිකන් වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙනි.