ඕමානයේ රැකියා දොරටු වැසෙන ලකුණු



ඕමානයේ ආර්ථික දුෂ්කරතා උග්‍රෙවමින් පවතින හෙයින් එරට පුහුණ ශ්‍රමිකයන් වැඩි දෙනෙකුට රැකියාවේදී කෙටි කාලීන කොන්ත්‍රාත්වලට අත්සන් කිරිමට සිදුව ඇ.ති බව වාර්තා වෙයි.

වෘත්තීය සමිති සහ සේවාදායකයන් පවසන අන්දමට එරට සේවකයන්ට හා සේවාදායකයන්ට මාස හයක වැනි කෙටි කාලීන කොන්ත්‍රාත්වලට අත්සන් කිරීමට සිදුව ඇත.

ඕමානයේ ආර්ථිකය පහත වැටෙමින් තිබෙන නිසා රට පුරා ඇති සමාගම්බොහොමයක් කිසිවක් කරකියාගත නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටියි. මේ නිසා ඕමානයේ රැකියාවලට විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනිම ඉතාම ශීඝ්‍රෙයන් පහත වැටී ඇති බවද වාර්තා වෙයි.

‘මෙම කෙටිකාලීන කොන්ත්‍රාත් ගැන විශේෂයෙන්ම සය මාසික කොන්ත්‍රාත් ගැන සේවක පිරිස් දැඩි අප්‍රසාදය පළකර පැමිණිලි කර තිබෙනවා. එහෙත් ඕමානයේ සෑම ක්ෂේත්‍රයකම මෙය සිදුවෙමින් පවතිනවා‘ ඕමානයේ වෘත්තීය සමිති නායකයකු වන මොහමඩ් අල් ෆාර්ජි පැවසීය.

මෙම කෙටිකාලීන කොන්ත්‍රාත් නිසා සේවකයන්ට සිය රැකියාවල අනාරක්ෂිත බවක් දැනෙනවා. එය සේවකයාගේ පලදායීතාවයට බලපානවා. එය එතරම් හොඳ නැහැ. රැකියාවේ අනාරක්ෂිත බවක් දැනීමත් සමග සේවකයන්ට කාර්යක්ෂමව වැඩ කරන්නටත් බැහැ තම අනාගතය සැලසුම් කරන්නටත් බැහැ.‘ මොහමඩ් අල් ෆාර්ජි තව දුරටත් කියා සිටියේය.

 


RECOMMEND POSTS