ඕමානයේ පිටරැටියන් වාහනවලට බිලිවීම වැඩිවෙයි



ඕමානයේ මාර්ග අනතුරු නිසා පිටරුටියන් මියයෑමේ සංඛ්‍යාව ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව එරට ජාතික තොරතුරු හා සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානය අනාවරණය කරයි.

ඒ අනුව 2016 වර්ෂ ආරම්භය හා අගෝස්තු මාසය අවසන් වන කාලසීමාව තුළදී පුද්ගලයින් 168 දෙනෙකු මියගොස් ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ එය 2015දී සංඛ්‍යාත්මකව පුද්ගලයින් 148 දෙනෙක් වීමය.

2016දි ජාතික තොරතුරු හා සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානය මගින් එළිදක්වන ලද NCSI මාසික සගරාව අනුව පුද්ගලයින් 168 දෙනෙක් මාර්ග අනතුරු නිසා මිය ගොස් ඇති බව අනාවරණය වෙයි. 

අගෝස්තු මාස අවසානය වන විට කාන්තාවන්ගේ මරණ සංඛ්‍යාව 24ක් වූ අතර එය පසුගිය වසර 15 හා සැසඳීමේදී එය ප්‍රතිශතයක් වශයෙන් 60%වේ.

පිරිමින්ගේ මරණ සංඛ්‍යාව 8%කින් වර්ධනය වී ඇති අතර එය පුද්ගලයින් 144ක් වේ. එය 2015 හා සංසන්දනය කර බලනවිට එම සංඛ්‍යාව 133කි.

කෙසේ වෙතත්, ඕමානයේ මරණ අනුපාතය අගෝස්තු මස අවසන් වන විට 3%කින් පහත බැස ඇත . එය සංඛ්‍යාත්මකව 291 වේ.

අගෝස්තු කාල සිමාවේදි මරණ 58ක් ලියාපදිංචි කර ඇත. මෙය මෙම අවුරුද්දේ අනිකුත් මාසයන් හා සසඳා  බලනවිට එය ජූලි මාසයේ 65ක්ද, ජුනි මාසයේ 72ක්ද වේ.

මේ අවුරුද්දේ හදිසි අනතුරු සංඛ්‍යාවේ ප්‍රමාණය පසුගිය වසර හා සංසන්දනය කර බැලීමේදි ක්‍රමයෙන් පහල අගයක් ගනී. එය 2016 අගෝස්තු මස අවසානය වන විට 38%ක අඩුවීමකි. හදිසි අනතුරු වල මුළු ගණන 2,759ක් වන අතර එය පසුගිය වසරේ මේ කාලය වන විට ලියාපදිංචි වූ හදිසි අනතුරු සංඛ්‍යාව 4,465කි.


RECOMMEND POSTS