ඕමානයේ නව රථ වාහන නීති සැප්තැම්බර් 4 සිට

මස්කට් (ඕමානය)
නව රථ වාහන නීති පිළිබඳව දැනුම්වත් වෙන්නැයි මාර්ත ආරක්ෂක විශේෂඥයෝ සියලු රියැදුරන්ගෙන් ඉල්ලා සිටිති. එම නව නීති සැප්තැම්බර් 4 (ඉරිදා) සිට ක්රියාත්මක වීමට නියමිතය.
ඕමාන් සුල්තාන් ක්වාබුස් බින් සෙයිඩ් අගෝස්තු 4දා 38/2016 නියෝගයක් නිකුත් කළේ රථ වාහන පැදවීමේදී සිදු කරනු ලබන වැරදිවලට දැඩි දඳුවම් දෙන නව නීත රැසක් එකතු කරමිනි.
නව නීතිය අනුව වැරදි කරන රියැදුරන්ට බන්ධනාගාර ගත කිරීමටත් දඩ ගැසිමටත් ඉඩ කඩ සැලසී ඇත.සමහර වැරදිවලට අය කෙරෙන දඩ මුල් කලින් තිබුණාට වඩා දස ගුනයකින් වැඩිකර ඇත.
නව නීති ක්රියාත්මක වනවිට රථවාහන පැදවීමේදී සිදු කරන ඇතැම් වැරදිවලට අවම සිර දඬුවම දින දහයක් වන අතර උපරිම සිර දගගගගඩුවම වසර දෙකකි. අවම දඩය වූ ඕමාන් රියල් 100 නව නීතිය අනුව ඔමාන් රියාල් 3000 දක්වා වැඩිකර ඇත.දැනට ක්රියාත්මක නීතිය අනුව දුරකතනයක් පාවිච්චි කරමින් වාහනයක් පදවන විට අය කරන දඩ මුදල ඕමාන රියාල් 35කි. සැප්තැම්බර් 4දායින් පසුව එය ඕමාන රියාල් 300 දක්වා වැඩිකර ඇත.
මෙම නව නීති මගින් මාර්ග අනතුරැ අඩුකර ගැනීමටත් ජීවිත හානි අවමකර ගැනීමටත් හැකිවෙතැයි රාජකීය ඕමාන පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

