ඕමානයේ අයවැය හිඟය ඉහළ යයි



2016 වසරේ පළමු මාස 7 සඳහා වන අයවැය හිඟය ඔමාන රියාල් මිලියන 4023.3 දක්වා 68.3%කින් ඉහළ ගොස්  ඇති බව සංඛ්‍යා ලේඛන සහ තොරතුරු සඳහා වන ජාතික මධ්‍යස්ථානය පවසයි.

පසුගිය වසරේ එම කාලය සඳහා වූ අයවැය හිඟය සටහන් වූයේ ඔමාන රියාල් මිලියන ප2391.1ක් වශයෙනි.

මෙම හිඟය පියවීම සඳහා ඕමාන රජය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ණය ගනිමින් සිටින බව නම අනාවරණය කිරිමට අකැමැතිවූ වෙළෙඳපොළ විශ්ලේෂකයෙක් පැවසීය.

ඕමානය ඛනිජ තෙල්වලින් ලබන ආදායම මේ වසරේ මුල් මාස හත තුළ 46.1%කින් පහළ බැස ඇති බවද වාර්තා වෙයි.

ඉහත ප්‍රකාශය කළ වෙළෙඳ පොළ විශ්ලේෂකයා පවසන පඅන්දමට ඛනිජ තෙල් නොවන ක්ෂේත්‍රවල කරන ලද ආයෝජනවල ප්‍රතිලාභ ලැබීමට තව ටික කලක් ගතවනු ඇත.


RECOMMEND POSTS