ඔස්කාර් සම්මාන උලෙළ වර්ජනයට ඉරාන සිනමාකරු සැරැසෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ඉරානය ඇතුළු තවත් මුස්ලිම් රටවල් හතකට පැනැවූ ‘තහනම’ ට ප්රතිචාර දක්වමින් ඊට විරෝධය පෑමක් ලෙස තමා ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත ඔස්කාර් සිනමා සම්මාන උලෙළට සහභාගී නොවන බව ඉරාන සිනමාකරු අස්ගාද් ෆර්හාසි කියයි.
ඔස්කාර් සිනමා සම්මාන උලෙළ ලබන පෙබරවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර, අස්ගාද් ෆර්හාසිගේ ‘ද සේල්ස්මන්’ නමැති චිත්රපටය හොඳම විදේශ චිත්රපටය යන කාණ්ඩය යටතේ නාම යෝජනා අතරට එක් ව ඇත.

