ඔමික්‍රෝන් උප ප්‍රභේදය හිතන තරම් බිහිසුණු නෑ

යළිත් වරක් ‘කොරෝනා’ බියක් ඇති කිරීමට හේතු වූ ‘එක්ස්.බී.බී.1.5’ නමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය, බිහිසුණු ප්‍රභේදයක් නොවන බව ඇමෙරිකන් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ.
‘එක්ස්.බී.බී.1.5’ උප ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකාවේත් පැතිරීමට පටන්ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් අවසන් සති කීපයේ හමුවුණු ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 40 කට ආසාදනය වී ඇත්තේ ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය යැයි ඇමෙරිකන් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.
චීනයේ කොරෝනා ව්‍යාප්තිය ඔඩුදුවා ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය නිසාය. චීනයේ ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද 3 ක් ව්‍යාප්ත වෙමින් පවතී.
(රොයිටර්)

