ඔටුවෙක් යකා නටයි



සෞදි රාජ්‍ය යේ ටබුක් පලාතේ පිහිටා ඇති අධිවේගි මාර්ගයකට අයාලේ ගිය ඔටුවකු හදිසියේ පැමිණීම නිසා එම මාර්ගයේ ගමන් කල රියදුරන් මහත් පීඩාවකට පත්වූ අතර මාර්ග තදබදයක්ද ඇතිවු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ඔටුවා පලවා හැරීම සදහා රියදුරන් නළාවන් නාද කල අතර එයින් භීතයට පත් ඔටුවා මාර්ගය පුරා දුවන්නට විය.

අධික වේගයෙන් වාහන ධාවනය කල රියදුරන්ට ඔටුවාගෙන් බේරීම සදහා තිරිංග තද කිරීමට සිදුවිය. 

අදාල සිදුවීම ඇතුලත් වීඩියෝවක් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු විසින් රූගතකර අන්තර්ජාලයට එක්කර ඇත.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS