ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියානුවන්ට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැලැක්වීමට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති එන්නතට කඩිනමින් අනුමැතිය දෙන්නැයි ඉන්දියාවේ, එම එන්නත මහා පරිමාණයෙන් නිපදවීමටත්, බෙදා හැරීමටත් සූදානමින් සිටින ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ලොව විශාලතම ඖෂධ නිෂ්පාදන සමාගමක් ලෙස ඉන්දියාවේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම සැලකෙයි.ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය ඔවුන්ගේ කොරෝනා වළක්වන එන්නත නිපදවා ඇත්තේ ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ සමාගම සමඟ එක් වෙමිනි.

ඉන්දියාවේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ සමාගම අතරේ ගිවිසුම් ඇති කරගෙන තිබෙන බැවින්, ඉන්දීය රජයේ අනුමැතිය ලැබුණු විගස ඔක්ස්ෆර්ඞ් එන්නත වැඩි වැඩියෙන් නිපදවීම, බෙදා හැරීම ‘සේරම්’ සමාගමට කළ හැකි යැයි පැවැසෙයි. ‘සේරම්’ සමාගම ඉන්දීය රජයට පෙන්වා දී ඇත්තේ හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔක්ස්ෆර්ඞ් එන්නතට අනුමැතිය ලබා දෙන ලෙසය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS