ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නෑ

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමෙන්, රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැතැයි, ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කළ යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පවසයි.
නෝර්වේ සහ ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපා රටවල් 6 ක් මේ වනවිට ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම තාවකාලිකව නවතා දමා තිබේ.
ඒ, එන්නත ලබා ගත් කිහිප දෙනකු හදිසියේ රෝගී වී මියයෑමත් සමඟය. එම මරණ සිදුවී ඇත්තේ රුධිරය කැටි ගැසීම නිසා යැයි ද මරණ පරීක්ෂණවලදී තහවුරු විය.
කෙසේ නමුත්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසු යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය තහවුරු කර ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසිමක් සිදු නොවන බවය.
යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවලට ලබා දීම සිදුවන්නේ ඉතාලියේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නතය.
(රොයිටර්)

