ඔක්ස්ෆර්ඞ් එන්නත සාර්ථක වන ලකුණු

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැලැක්වීමට මනුෂ්‍ය සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීමට සමත් සාර්ථක එන්නතක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.
මෙම එන්නත හරහා වයිරසයෙන් ආරක්ෂා වීමට සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වන බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ, වයිරසය අත්හදා බලමින්, තෝරා ගත් 1,077 දෙනකුට එන්නත් කර බැලීමෙන් පසුවය.
මෙම ඔක්ස්ෆර්ඞ් එන්නත දැනට හැඳින්වෙන්නේ ‘චැඞ්ඔක්ස්1 කොව්19’ යන නමිනි. එන්නත නිපදවීමේ දී ඔක්ස්ෆර්ඞ් වෛද්‍ය පර්යේෂකයන්ට බ්‍රිතාන්‍ය රජයේත්, බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේත්, වෛද්‍ය සභාවේත් අනුග්‍රහය සහ සඑාය හිමිවී ඇතැයි පැවැසෙයි.
මෙම නව එන්නතේ කිසිදු අතුරු ආබාධයක් නැත. කෙසේ නමුත් එන්නත ලබා දුන් සියයට 70 කට උණ, හිසරදය ඇතිවිය. ඒ සඳහා පැරසැටමෝල් ලබා දීම සිදුවිය. දිනක් හෝ දෙකක් යද්දී උණ සහ හිසරදය සමනය වූ බව වෛද්‍ය පර්යේෂකයෝ ඔවුන්ගේ පර්යේෂණ වාර්තා එළිදක්වමින් පවසා ඇත.
මෙම එන්නත තවත් අත්හදා බැලීම් කීපයකට යොදා ගන්නා බවත්, ඉන්පසු සියලු ප්‍රතිඵල යළි යළිත් අධ්‍යනය කර එන්නත වෙළෙඳපොළට නිකුත් කිරීම හෝ නොමිලේ බෙදා හැරීම හෝ සිදුවනු ඇති බව පැවැසෙයි. මේ සියලු කටයුතු අවසන් වීම සිදුවනු ඇත්තේ ලබන 2021 වසර අවසානයේ දී යැයි ද පැවැසෙයි.
එන්නත සම්බන්ධයෙන් අවසන් අදියරේ සිදුවන අත්හදා බැලීමේ දී එය බ්‍රිතාන්‍ය වැසියන් 10,000 කට ලබා දීමට නියමිත බව ද වෛද පර්යේෂකයෝ පෙන්වා දෙති. බ්‍රිතාන්‍ය රජය මේ වනවිටත් මෙම නව එන්නතින් මිලියන 100 ක් බ්‍රිතාන්‍ය වැසියන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බව ද පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
ලන්ඩනයේදීය (රොයිටර්)

