ඒඞ්ස් රෝගියකුට විද්ද කටුවෙන් තවත් 90 කට විදලා
එච්අයිවී රෝගියකු සඳහා භාවිත කළ එන්නත් කටුවකින්, 90 දෙනකුට එන්නත් ලබා දුන් පාකිස්තාන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රෝගීන් 90 දෙනා අතර කුඩා දරුවන් 45 දෙනකු සිටින බව ද පැවැසෙයි. මෙම වෛද්‍යවරයා ලර්කානා නමැති පිටිසරබඳ කුඩා නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවත්, වෛද්‍යවරයා ද එච්අයිවී ආසාදිතයකු බවත් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ලර්කානා නගරයේ දරුවන් පිරිසක් රෝගී වී ඔවුන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ඔවුන් එච්අයිවී ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත. සෞඛ්‍ය පරීක්ෂකයන්, දරුවන් එච්අයිවී ආසාදිතයන් වූයේ කෙසේ දැයි කඩිනමින් පරීක්ෂණ පවත්වද්දී වෛද්‍යවරයා ගැන දැනගන්න ලැබී ඇත. ඒ අනුව, වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගත් සියලුම රෝගීන් ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව, සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව, පොලිසිය ද පවසා ඇත.
කරච්චිහිදීය (එන්.ඩී.ටීවී.)

