ඒඞ්ස් මර්දනයට නව ඔසුවක්

ඒඞ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය විනාශ කළ හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමට තමන් සමත් වූ බව ප්‍රංශයේ පැරිස් නුවර, පාස්චර් වෛද්‍ය පර්යේෂණායතනය නිවේදනය කර ඇත.
එම නව ක්‍රමවේදය හරහා නිර්මාණය කරනු ලැබූ ප්‍රතිජීවක ඖෂධවලට එච්.අයි.වී. වයිරසය මගින් ආසාදනය වූ සෛල හඳුනා විනාශ කළ හැකිය. කෙසේ නමුත් මෙම නව ප්‍රතිජීවක ඖෂධවලට වයිරසය මුළුමනින්ම සිරුරෙන් විනාශ කර දැමීමට ඊට හැකියාවක් නැති බව ද පැවැසෙයි.
එච්.අයි.වී. වයිරසය මර්දනය කළ හැකි ආකාරයේ ක්‍රමවේද රැසක් මීට පෙර ද පාස්චර් වෛද්‍ය පර්යේෂණායතනය විසින් ඉදිරිපත් කර ඇති නමුත්, ඒ අතරින් ඒඞ්ස් රෝගීන්ට ජීවත්වීම සඳහා නව බලාපොරොත්තුවක් එක් කිරීමට, මෙම නව ප්‍රතිජීවක ඖෂධවලට හැකිවනු ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
(ඩේලිමේල්)

