එමීර් හැඳුනුම් පතක් ලබාගන්නේ කොහොමද?

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වෙසෙන සියලු දෙනාට එමීර් හැඳුනුම්පත නිකුත් කරයි. එය නිල ලියවිල්ලක්/ලේඛනයක් වන අතර දරුවන්ටත් වැඩිහිටියන්ටත් එය අනිවාර්යය.
හැඳුනුම්පතක් ගැනීම සඳහා http://www.id.gov.ae/en/home.aspxපිවිසීමෙන් හෝ අකුරු යතුරු ලේඛනය කරන මධ්‍යස්ථානයක් (ටයිපින් සෙන්ටර්) වෙත ගොස් විද්‍යුත් පොර්මයක් පිරවිය යුතුය.
ඔබ ප්‍රථම වරට එමිරේට්ස් හැඳුනුම් පතකට අයඳුම් කරන්නේ නම් එවිට, ඔබට එමිරේට්ස් අයි.ඩී මධ්‍යස්ථානය වෙත යෑමට සිදුවෙන අතර ඡායාරූප, ඇඟිලි සලකුණු සහ අත්සන ලබා දිය යුතු වෙයි.
හැඳුනුම්පත සකසා අවසන් බවට ඔබට ඔබේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සහ ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ වසර පහක කාලයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල මුදල් ඒකකය වන එමිරේට්ස් ඩිරාම් 100ක මුදලක් ගෙවිය යුතු වන අතර විදේශිකයන් සහ නේවාසිකයන් වීසා මත රැඳී සිටින කාලය මත වසරකට එමිරේට්ස් ඩිරාම් 100ක මුදලක් ගෙවිය යුතු වෙයි. යතුරු ලේඛනය කරන මධ්‍යස්ථානයක් (ටයිපින් සෙන්ටර්) වෙත අමතර එමිරේට්ස් ඩිරාම් 70ක මුදලක් ද ගෙවීමට සිදුවෙයි.
එක්සත් අරාබී එමීර් රාජ්‍ය වැසියන් සඳහා නීත්‍යානුකූල ගමන් බලපත්‍රයක් හා පවුල් පොතක් (ෆැමිලි බුක්) අවශ්‍ය වෙයි. ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටවල ජාතිකයන් සඳහා වලංගු ගමන් බලපත්‍රයක් සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නේවාසික ලියවිල්ලක් අවශ්‍ය වෙයි. අනෙකුත් නේවාසිකයන් සඳහා ගමන් බලපත්‍රයක් සහ නේවාසික හෝ ප්‍රවේශ වීමේ වීසා පත්‍රයක් අවශ්‍ය වෙයි. වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා වර්ණ ඡායාරූපයක් අවශ්‍ය වෙයි.
අනතුරුව ඔබට අයදුම් අංකයක් සහිත කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.
අවසානයේදී දුන් තැපැල් කාර්යාල අංකයට ඔබට හැඳුනුම්පත ලැබෙනු ඇත.
අවශ්‍ය සහාය ලබාගැනීමට හෝ විමසීම්වලට @EmiratesID_HELP https://twitter.com/EmiratesID_HELP පිවිසීමෙන් ලබාගත හැක.
(හර්ෂණ තුෂාර සිල්වා)

