එමීර් රාජ්‍යයට වසර හතරක අයවැයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඉදිරි වසර හතරක කාලයක් සදහා ඩිරාම් බිලියන 248ක අය වැය ඇස්තමේන්තුවක් සදහා එරට කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී නියෝජ්‍ය අගමැති ,මුදල් ඇමති ,ආරක්ෂක ඇමති ඇතුළු අනෙක් සෙසු අමාත්‍යවරැන්ගේ ඒකමතිකයෙන් මෙම තීන්දුව ගෙන ඇත.
එළැඹෙන 2017 වසරේ සිට 2021 දක්වා සිව් වසරක කාලයක් සදහා ඉදිරිපත් කර ඇති මෙම අයවැය ඇස්තමේන්තුව මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ගේ සමෘද්ධිය හා සුබසාධනය වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කීරීමට එරට අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත.ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය , ප්‍රජා සුබසාධනය වෙනුවෙන් මෙම සිව් වසරක කාලය තුළ මුදල් යෙදවීමට එක්සත් අරාබි එමීර් රජය තීන්දු කර ඇත.මින් ලබන වසර සදහා පමණක් ඩිරාම් බිලියන 48.6 අය වැයක් ඇස්තමේන්තු කිරීමට එරට රජය තීන්දු කර ඇත.
නව අය වැය ඇස්තමේන්තුව සදහා අමාත්‍ය මණඩල අනුමැතිය ලබා ගනිමින් අග්‍රමාත්‍ය හා ඩුබායි පාලක අල් මොක්ටුම් ප්‍රකාශ කර සිටියේ රටේ අනාගත දැක්ම සහ ජනතාවට සපයන සේවාවන් හි ඉහළ නංවමින් ලෝකයේ හොදම රාජ්‍යය බිහිකිරීම වෙනුවෙන් මෙම නව අය වැයි ඇස්තමේන්තුව සම්මත කර ගනු ලැබූ බවය.
ගල්ෆ් කලාපයට අයත් රටවල් අතුරෙන් මෙලෙස දිගු කාලීන අය වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන එකම අරාබි රාජ්‍ය ,එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එය වඩාත් සමාජ සුබසාධනයට,සෞභාග්‍යය හා ආරක්ෂාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරන අය වැය ඇස්තමේන්තුවක් වීමද විශේෂත්වයිකි.
තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිව්ස් ඇසුරෙනි)

