එමිරේට්ස් මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

එම්රේට්ස් රාජ්‍යයේ අජ්මාන් නුවර අල්-රෂීදියා නගරයේ පිහිටා ඇති මහල් නිවාස සංකීර්ණයක 17වන මහලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
පුද්ගලයින් තුන්දෙනෙකු දුම් ආග්‍රාහනය වීම නිසා රෝගාතුරවී ඇති අතර ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ.
ජීවිතහානි කිසිවක් වාර්තා නොවන අතර ආරක්ෂිත පියවරක් ලෙස මහල් නිවාස සංකීර්ණයේ රැදී සිටි සියළුම පුද්ගලයින් ඉවත් කර ගින්න නිවා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ගිනි ගැනීමට හේතුවු කරුණු සෙවීම සදහා පරීක්ෂණයක් ආරම්භකර ඇති බව අජ්මාන් නුවර මහජන ආරක්ෂක ඒකකයේ අධ්යක්ෂ ජෙනරාල්, බ්‍රිගේඩියර් රෂීඩ් ජසීම් මෙජ්ලාඩ් ප්‍රකාශ කලේය.
ජනක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි

