එන්නත බෙදන්නේ යුනිසෙෆ් සංවිධානය

කොරෝනා වයිරසය මර්දනයට නිපදවන එන්නත් බෙදා හැරීම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයට පවරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, දිළිදු රටවලට එන්නත නොමිලේ ලබා දීම සිදුවනු ඇති බවත්, එසේ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ බවත් පැවැසෙයි.
බෙදා හැරෙනු ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවන එන්නත හෝ එන්නත් පමණි.
මේ වනවිට රුසියාව නිපදවා ඇති එන්නත රුසියානුවන්ට ලබා දීම ආරම්භ කර ඇත. එම එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී නැත.
(රොයිටර්)

