එන්නත දරුවන්ට සුදුසුදැයි අත්හදා බලයි

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වැළැක්වීමට, ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත, අවුරුදු 18 ට අඩු දරුවන්ට සුදුසුදැයි සෙවීමේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර තිබේ.
'කොවිඩ් 19' වයිරසයට එරෙහිව මෙතෙක් නිපදවා ඇති කිසිදු එන්නතක්, අවුරුදු 18 ට අඩු දරුවන්ට ලබා දීමක් සිදු නොවෙයි. 30 ත් 40 ත් අතර, විශේෂයෙන් බෝ නොවන රෝග ඇති අයටත් 60 ට වැඩි වැඩිහිටියන්ටත් එන්නත් ලබා දීම සිදුවන්නේ වයිරසයෙන් වැඩි අවදානමක් ඇත්තේ එම පුද්ගලයන්ට නිසාය.
'මොඩර්නා' සමාගමට නිකුත් කළ නිවේදනයකට අනුව, 6 සිට අවුරුදු 18 තෙක් දරුවන්ට තම එන්නත සුදුසුදැයි අත්හදා බැලීම් ආරම්භ කර තිබේ.
දරුවන්ට එන්නත් ලබා දෙමින් සායනික අත්හදා බැලීම් සිදු කරන්නේ මාපිය අවසරය සහ වෛද්‍ය අධීක්ෂණය යටතේය. කැනඩාවේත් ඇමෙරිකාවේත් දරුවන් 6,750 දෙනකු මෙම අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා බව ද පැවැසෙයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

