එන්නතක් හැදුවොත් ඩොලර් මිලියනයක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට සාර්ථක එන්නක් නිපදවන්නේ නම්, ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් තෑගි වශයෙන් ප්රදානය කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, යුක්රේන විද්‍යාඥයන්ට පවසා තිබේ.
යුක්රේන විද්‍යාඥයන් මේ වනවිටත් වයිරස නාශකයක් ලෙස එන්නත් නිපදවීම කෙරෙහි යොමු වී ඇත. ජනපතිවරයා මෙසේ ඩොලර් මිලියනයක තෑග්ගක් ලබා දීමට පවසා ඇත්තේ එම විද්‍යාඥයන් තවත් දිරි ගැන්වීමක් වශයෙන් බව ජනපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකා යුලියා මෙන්ඩෙල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
චීනයෙන් ආරම්භ වී ලොව පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘කොවිඞ් 19’ වයිරසයේ බලපෑම යුක්රේනයට ද එල්ල වී තිබේ. ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වයිරස දත්ත වාර්තා අනුව, වයිරසය හේතුවෙන් යුක්රේනයේ 3,000 කට වැඩි පිරිසක් රෝගී වී සිටින අතර මරණ සංඛ්‍යාව 93 ලෙස වාර්තා වෙයි.
‘කොවිඞ් 19’ වයිරසය මැඩලීමට මෙතෙක් කිසිදු එන්නතක් හෝ ඔසුවනක් හෝ නිපදවා නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට මේ වනවිට එන්නත් 70 ක් වයිරස නාශකයක් ලෙස නිර්මාණය වෙමින් පවතී. ඒ අතරින් පළමු එන්නත ලොවට හඳුන්වා දෙනු ඇත්තේ ලබන සැප්තැම්බරයේදී යැයි ද පැවැසෙයි.
කීව්හිදීය (රොයිටර්)

