එන්නතක් තිබුණත් නැතත් රට අරිනවා



‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් නිපදවූවත් නැතත්, ලොක්ඩවුන් කළ ඇමෙරිකාව කඩිනමින් යළි විවෘත කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමෙරිකාව ඉතාමත් ඉක්මනින් න්‍යෂ්ටික අවි නිර්මාණය කළා සේම, ‘කොවිඞ් 19’ ව්‍යසනය හමුවේ ඊට එරෙහි එන්නතක් නිර්මාණය කිරීමේ බැරෑරුම් කාර්යයට යොමු වී සිටින බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ නමුත් ඇමෙරිකන් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව, අඩපණ වී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීම කඩිනමින් කළ යුතු බව ජනපති ට්‍රම්ප් පෙන්වා දෙයි.

ඇමෙරිකන් ඖෂධ සමාගම් රැසක් මේ වනවිට වයිරසයට එරෙහි එන්නතක් නිපදවීම කෙරෙහි උනන්දු වෙයි. කෙසේ නමුත් වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අත්හදා බැලීම් සිදු කරන සාර්ථක එන්නතක් නිපදවීමට අඩුම තරමින් වසරක කාලයක් ගත වනු ඇති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS