එක්සත් රාජධානියේ සිට චීනයට දුම්රියක්



ප්‍රථමවරට එක්සත් රාජධානියේ සිට චීනය බලා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයක් ආරම්භ විය.

මෙම දුම්රිය භාණ්ඩ පටවාගෙන,  කන්ටේනර් පෙට්ටි ද රැගෙන සැතපුම් 7,500 ක දුරක් ගෙවා එක්සත් රාජධානියේ එසෙක්ස් පළාතේ සිට චීනයේ ෂෙජියැං පළාතේ ඊවූ දුම්රිය පොළ වෙත යෑමට යනු ඇතැයි පැවැසෙයි.

මේ සඳහා දින 17 ක් ගත වනු ඇති අතර, ඊයේ දිනයේ ආරම්භ වුණු දුම්රිය ගමන අවසන් වන්නේ ලබන අප්‍රේල් 27 වැනිදා යැයි ද පැවැසෙයි.

චීනය බලා යන ගමනේදී මෙම දුම්රිය රටවල් 7 ක් පසු කරයි. එම රටවල් 7 වන්නේ ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, පෝලන්තය, බෙලරුසියාව, රුසියාව සහ කසක්ස්ථානයයි.

(ඒ.එෆ්.පී)

 


RECOMMEND POSTS