උසම පාලන විවෘත කෙරේ



චීනය ලෝකයේ උසම පාලම විවෘත කෙරුණි. ‘හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් බ්‍රිජ්’ යනුවෙන් නම් කළ මෙම පාලම, නිරිතදිග චීනයේ ගුයිෂු පළාතේ පිහිටි හුවාජියැං මහා කැනියමට ඉහළින් ඉදි කර ඇත. 

පාලම මීටර් 2,890 ක දිගකින් යුක්තය. කැනියම හරහා, පහළින් ගලා බසින ගංගාවට මීටර් 625 ක් ඉහළින් පාලම ඉදි කර ඇත. 

මෙම පාලම පෘථිවියේ ඇති උසම පාලම පමණක් නොව, කඳුකර ප්‍රදේශයක ඉදි කෙරුණු ලොව විශාලතම පාලම ලෙස ද මේ වනවිටත් වාර්තා අතරට එක් වී අවසන්ය.

පාලමේ ඉදිකිරීම් කටයුතු 2022 මුලදී ආරම්භ විය. කැනියම හරහා මෙවැනි පාලමක් ඉදි කිරීම විශාල අභියෝගයක් වූ බව ඊට සම්බන්ධ වූ ඉන්ජිනේරුවෝ පවසති.

පාලමේ ඉදි කිරීම් සඳහා නවිනතම පරිගණක තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගෙන තිබේ. 

පාලම ඉදි කිරීමෙන් පසු ගුයිෂු පළාත පැය දෙකක ගමන මිනිත්තු දෙකකින් සම්පූර්ණ කිරීමට හැකි බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ලෝකයේ උසම පාලම් බොහොමයක් ඇත්තේ ද චීනයේ කඳුවලින් පිරුණු මෙම ගුයිෂු පළාතේය. චීන මාධ්‍ය වාර්තා අනුව මේවනවිට පාලම් 32,000කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇති හෝ ඉදිකරමින් පවතී. ලෝකයේ උසම පාලම් 100න් අඩකට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ ද ගුයිෂු පළාතේ ය.

 


RECOMMEND POSTS