උම්මත්තකයා අධිකරණයට
නවසීලන්තයේ දකුණු දිවයිනේ, ක්‍රයිස්ට්චර්ච් නුවර, මුස්ලිම් පල්ලියට කඩා වැදී, වෙඩි තබා අමු අමුවේ මිනී මැරූ 28 හැවිරිදි ඕස්ට්‍රේලියානුවා බ්‍රෙන්ටොන් ටැරැන්ට් අධිකරණය හමුවට යොමු කෙරුණි.
බ්‍රෙන්ටොන් ටැරැන්ට් සුදු ඇඳුමින්, මාංචු දමා අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී, සිදු කළ ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. තවත් චෝදනා රැසක් ගොනු කිරීමට නියමිත බව ද පැවැසෙයි.
බ්‍රෙන්ටොන් ටැරැන්ට් අන්ත දක්ෂිණාංශික මතධාරියෙකි. මුස්ලිම් විරෝධී අයෙකි. විනිසුරුවරයා අභියස, චෝදනා ඉදිරිපත් කරද්දී, සන්සුන්ව ඊට කන් දුන්නේය.
එපමණක් නොව මාංචු දමා සිටියදී පවා, ‘සුදු ජාතිකයන්ගේ බලය’ යන්න අදහස් කරමින්, ඔහු මාධ්‍ය වෙත අතින් සංඥා කිරීමට කටයුතු කළේය. යළි ලබන අප්‍රේල් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස බ්‍රෙන්ටොන් ටැරැන්ට් අණ කෙරුණු බව ද පැවැසෙයි.
නවසීලන්තයේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් නීතිරීති පවතී. බ්‍රෙන්ටොන් ටැරැන්ට් සතුව ගිනි අවි පහක් තිබී හමුවිය. නවසීලන්ත අගමැතිනිය ජැසින්ඩා එර්ඩර්න් කියා සිටියේ, මෙම සිදුවීම මුල්කොට ගනිමින් නවසීලන්තයේ ගිනිඅවි සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට පියවර ගන්නා බවය.
සිකුරා දා දිනයේ එල්ල වුණු ප්‍රහාර සම්බන්ධයෙන් තවත් දෙදෙනකු පොලිස් අත්අඩංගුවේ සිටින බව පැවැසෙයි. ඔවුන් කිසිවකු කලින් අපරාධවලට සම්බන්ධ වී සිටි අය නොවන බව නවසීලන්ත පොලිසිය පෙන්වා දෙයි.
(බී.බී.සී.)

