උපන් දින සාදයක යකා නටලා

ඇමෙරිකාවේ අයිඩහෝ ජනපදයේ බොයිස් පළාතේ උපන්දින සාදයකට කඩා වැදුණු මානසික අසහනයට පත් තරුණයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කුඩා දරුවන් හය දෙනකු ඇතුළු 9 දෙනෙක් තුවාල ලැබූහ.
උපන්දින සාදය තුන් හැවිරිදි දැරියකගේය. පිහි ප්‍රහාරයට ලක් වුණු ඇය ද කඩිනමින් රෝහල් ගත කෙරුණි. පිහි ප්‍රහාරය එල්ල කළ තරුණයා 30 හැවිරිදි ටිමී කීනර් නමැත්තා යැයි පොලිසිය පවසයි. පොලිසිය වහා පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
(රොයිටර්)

