උතුරු කොරියා විදේශ ඇමැති රුසියාවට

උතුරු කොරියා විදේශ ඇමැති ලබන සතියේ මොස්කව් නුවර සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව රුසියානු රජය කියයි.
උතුරු කොරියාව මේ වනවිට සෙසු රටවල් සමඟ යහපත් සබඳතා ඇතිකර ගනිමින් සිටී.
උතුරු කොරියාව නියෝජනය කරමින්, එරට විදේශ ඇමැති රී යොංග් හෝ පසුගිය දා යුරෝපා සංගමයේ සාමාජිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
රුසියාවනු සංචාරයේ දී උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ගැනත්, ආයුද වැඩසටහන ගැනත් විදේශ ඇමැතිවරයා සහ රුසියානු රජයේ බලධාරීන් අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්)

