උතුරු කොරියා නායකයා කඳුළු සලයි



උතුරු කොරියා පාලක කම්කරු පක්ෂයේ 75 වැනි සැමරුම නිමිත්තෙන්, පසුගිය දා එරට අගනුවර පැවැති හමුදා පෙළපාළියට එක් වී, සොල්දාදුවන් ඇමැතූ අවස්ථාවේදී, නායක කිම් ජොන් උන් සංවේදී වී කඳුළුසැලූ බව වාර්තා වේ.

කිම් ජොන් උන් සොල්දාදුවන් අමතමින් සංවේදී වූ අයුරු වීඩියෝ දසුන් හරහා දැක ගැනීමට හැකියාව ලැබී ඇත. නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ සංවේදී වූ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නායක කිම් ජොන් උන්, රට රකින රණ විරු සොල්දාදුවන්ට ප්‍රසංශා කළ අතර, ජීවන තත්ත්වය උසස් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කොරියානු වැසියන්ගෙන් සමාව ඉල්ලුවේය. නායක කිම් ජොන් උන් සංවේදී වී  කඳුළුසැලුවේ මෙම අවස්ථාවේදීය.

උතුරු කොරියාවෙන් තවමත් කිසිදු කොරෝනා වයිරස ආසාදිතයකු වාර්තා වී නැත. ඒ සම්බන්ධයෙන් දේශසීමා ආරක්ෂා කරන හමුදා සොල්දාදුවන්ට ස්තුති කිරීමට ද නායක කිම් ජොන් උන් අමතක නොකළේය.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS