උතුරු කොරියාව දෙදරයි



ප්‍රබල භූමි කම්පාවකින් උතුරු කොරියාව දෙදරා ගිය අතර භූමිප කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි ජපානයටත් දකුණු කොරියාවටත් ඉතා හොඳින් දැණින.

පසුව වාර්තා වූයේ උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කළ බවත්, එයි ප්‍රතිඵලයක් ලෙස භූමි කම්පාව හටගත් බවත්ය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙස සටහන් වූ අතර භූ විද්‍යාඥයන් කියා සිටියේ එය මිනිස් ක්‍රියාකාරකම් නිසා හටගත් කෘත්‍රිම භූමි කම්පාවක් බවය. භූමි කම්පාව හටගෙන ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර් 10 ක් පහළිනි.

උතුරු කොරියාව පසුගිය වසරේ ජලකර (හයිඩ්‍රජන්) බෝම්බයක් අත්හදා බැලුවේය. එම අවස්ථාවේදී ද උතුරු කොරියාව ප්‍රබල භූම් කම්පාවකින් කැළැඹිණි. චීනයේ පළාත් රැසක් ද දෙදරා ගියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS