උතුරු කොරියානුවන් අතරේ යළිත් වරක් උණ වසංගතයක්

උතුරු කොරියානුවන් අතරේ යළිත් වරක් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින නමුත් එය ‘කොවිඩ් 19’ නොවන බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ නමුත් අලුතින් ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්ත්වයක් සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ, උතුරු කොරියාව පුරා උණ වසංගතයක් පැතිර ගිය අතර, සිදු කළ පරීක්ෂණවලින් පසු අනාවරණය වූයේ එය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය බවය. මැයි මාසය වනවිට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගත තත්ත්වය උත්සන්න වූ අතර පසුව එය කෙමෙන් පහව ගියේය. ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගතය අවසන් වෙද්දී මිලියන 4.8 ක් රෝගී වූහ. මියගිය ගණන 74 කි.
නව උණ රෝගය ‘කොවිඩ් 19’ යැයි සිතූ උතුරු කොරියානු සෞඛ්‍ය අංශ පළාත් සහ නගර රැසක් ලොක්ඩවුන් කළ නමුත් එය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් බව තහවුරු වීමෙන් පසු එම ලොක්ඩවුන් තත්ත්වය අවසන් කෙරුණි.
(රොයිටර්)

