උගන්ඩා කුණු කන්ද 18 ක් බිලි ගනී
අප්රිිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ, කම්පාලා අගනුවර, කුණු කන්දක් නායයෑමට ලක්වීමෙන්, 18 දෙනෙක් මියගියහ. මියගිය එම 18 දෙනා අතරේ කුඩා දරුවෝ කිහිප දෙනෙක් ද සිටිති.
මෙම කුණු කන්ද වසර ගණනක් පැරණි බව මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය දින කීපයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි නිසා කුණු කන්ද නායයෑමට ලක්වුණු බව උගන්ඩා බලධාරීහු පවසති.
කුණු කන්ද නායගියේ, එය පාමුල පිහිටි පැල්පත් කුණු තට්ටුවලින් වසා දමමිණි. නායයෑම සිදුවූයේ අලුයම කාලයේය. නායයෑම වාර්තා වූ සැණින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව නගර බලධාරීහු පවසති. ඒ සඳහා බැකෝ යන්ත්‍ර කීපයක් ද යෙදවිණි.
දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට කුණු තට්ටු අතරේ සිරවුණු 14 දෙනකු බේරා ගැනීමට හැකි විය. බොහෝ දෙනකු කුණු තට්ටු යට සිරවී සිටින බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද උගන්ඩා බලධාරීහු පවසති.