ඊශ්‍රායල රැකියාවට ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලලා



 

 විිනීතා එම් ගමගේ

            ඊශ්‍රායලයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට දේශපාලන රැකවරණ ඉල්ලා සිටීිම නිසා ශ්‍රී ලාංකිකයන් ගේ එරට රැකියා වෙළඳ පොලට බලපෑම් සිදුවී ඇති බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය එම අමාත්‍යංශයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවක දී හෙළි කළාය.

            2011 වසරේ දී එරටට ගිය පිරිසක් මෙසේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවත් එයින් පසු එරට රැකියා වෙළඳ පොල තරමක් දුරට මෙරටට වැසුණු බවත් ඇය කීවාය.

            එම වසරේ දී 400 කට ආසන්න පිරිසක් එරට රැකියාවට ගියත් මේ වන විට එහි රැකියා අපට ලැබෙන්නේ 80 පමණ ප්‍රමාණයක් පමණකැයි අතුකෝර්ල මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

            ඉදිරියේදී සයිප්‍රසයේ ගෘහ සේවිකා සහ සාත්තු සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික පිරිමින් හා කාන්තාවන් ට රැිකියා අවස්ථෘ ලබා ගැනීම පිළිබඳව එරට බලධාරින් සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවද ඇය පැවැසුවාය.

 


RECOMMEND POSTS