ඉල්ලුම්පත්‍ර ‘නේටෝ’ ප්‍රධානියාට



ෆින්ලන්තය සහ ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලමින්, ඊට අදාල ඉල්ලුම්පත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ට ලබා දීම සිදුවිය.

නේටෝ සාමාජිකයන් වීමට ‘නෝඩික්’ රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සතුට පළ කරන බවත් ෆින්ලන්තයට සහ ස්වීඩනයට කඩිනමින් නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට පියවර ගන්නා බවත් මහ ලේකම්වරයා එම අවස්ථාවේදී පැවැසුවේය.

බ්‍රසල්ස් නුවරදී, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් හමුවී ඔහුට ඇයැදුම්පත් බාරදීම සිදු කළේ බෙල්ජියමේ ෆින්ලන්ත තානාපතිවරයා සහ ස්වීඩන තානාපතිවරයා මැදිහත් වීමෙනි.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය පළ කරත්, මේ වනතුරු ෆින්ලන්තය සහ ස්වීඩනය අපක්ෂපාතීව කටයුතු කළ රටවල් විය.

කෙසේ නමුත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ රුසියාවෙන් තර්ජනයක් වේවි යැයි බියෙන් ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ඉල්ලීමට තීරණය කළේය. ස්වීඩනය මෙන් නොව, ෆින්ලන්තය රුසියාවට මායිම්ව පිහිටා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS